රංගල පොලිස් වසමේ ලොලුගමවත්ත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටිය දී පොලිසිය විසින් පසුගිය 17 වනදා සොයාගනු ලැබුවා.
වයස අවුරුදු 85ක කාන්තාවක් තුවාල සහිතව මෙලෙස මියගොස් සිටිය දී සොයාගත් අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබෙනවා.
ඊයේ (19) සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වූ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු බීමතින් පැමිණ අදාළ කාන්තාවට පහර දී ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 29 හැවිරිදි වියේ පසුවන ලොලුගමවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සැකකරු අද (20) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.