අපි යන්නේ නෑ – කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළෙඳ සංගමය කියයි (වීඩියෝ)

කිසිදු හේතුවක් මත තම වෙළෙඳසැල් ඉවත් කර ගැනීමට සූදානම් නැතැයි කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළෙඳ සංගමය පවසනවා.

ඔවුන් සැක පළ කරන්නේ කිසිදු නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින් මෙම වෙළෙඳසැල් ඉවත් කිරීමට උත්සහ දැරීම පිටුපස යම් දේශපාලනඥයෙක් සිටින බවටයි.

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් හෙට දිනය වන විට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙම අලෙවිසැල් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය උත්සහ කළද එම අලෙවිසල් හිමියන් සහ රජයේ පාර්ශවය ඇතිකරගත් එකඟතා මත එම තීරණය පසුව වෙනස් කර ගැණුනා.

කෙසේ වෙතත් පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කිඹුලාවල මංසන්ධියේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් පරීක්ෂා කිරීමත් සමග නැවත එම ගැටළුව උද්ගත වුණා.

ඒ අදාළ අලෙවිසල් ඉවත්කර ගන්නා ලෙස දන්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියකින් ලැබීමත් සමගයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළෙඳ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.

වෙළෙඳසැල් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති බැවින් වෙළෙඳසැල් ඉවත්කර ගැනීමට තමන් සූදානම් නැතැයි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21