spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපි යන්නේ නෑ – කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළෙඳ සංගමය කියයි (වීඩියෝ)

කිසිදු හේතුවක් මත තම වෙළෙඳසැල් ඉවත් කර ගැනීමට සූදානම් නැතැයි කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළෙඳ සංගමය පවසනවා.

ඔවුන් සැක පළ කරන්නේ කිසිදු නිශ්චිත හේතුවක් සඳහන් නොකරමින් මෙම වෙළෙඳසැල් ඉවත් කිරීමට උත්සහ දැරීම පිටුපස යම් දේශපාලනඥයෙක් සිටින බවටයි.

කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් හෙට දිනය වන විට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙම අලෙවිසැල් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය උත්සහ කළද එම අලෙවිසල් හිමියන් සහ රජයේ පාර්ශවය ඇතිකරගත් එකඟතා මත එම තීරණය පසුව වෙනස් කර ගැණුනා.

කෙසේ වෙතත් පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කිඹුලාවල මංසන්ධියේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් පරීක්ෂා කිරීමත් සමග නැවත එම ගැටළුව උද්ගත වුණා.

ඒ අදාළ අලෙවිසල් ඉවත්කර ගන්නා ලෙස දන්වමින් මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුතු ලිපියකින් ලැබීමත් සමගයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් වෙළෙඳ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා.

වෙළෙඳසැල් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති බැවින් වෙළෙඳසැල් ඉවත්කර ගැනීමට තමන් සූදානම් නැතැයි වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?