අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් රජය පිඩාවට පත්කරමින් විවිධ ඉල්ලීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27)අත්තර්ජාලය ඔස්සේ සජීවිව එක්වෙමිනි.

විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම විදේශ දිනේෂ් ගුණවර්ධන හා මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

එම අවස්ථාවට අන්තර්ජාල විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේය.

“මේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එන විදෙස්ගත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකළ යුතුයි. කොවිඩ් වසංගතය නොවන්න වැඩිම විදේශ විනිමයක් ලැබුණේ ඔවුන්ගෙන් බව අප අමතක කළ යුතු නෑ. රට ට බරක් වෙනවා වෙනුවට ඔවුන් රටට ශක්තියක් වන බවයි අප විශ්වාස කරන්නේ. සමහරු සංවර්ධන ව්‍යාපෘති කරනවා ට විරුද්ධයි. ඒ අයට තියෙන්නේ දේශපාලන අවශ්‍යතා මිසක් රට හෝ ජනතාව ගැන කැක්කුමක් නොවෙයි. තවත් සමහරු මේ වෙලාවේ ආණ්ඩුවට පීඩනයක් දීලා විවිධ ඉල්ලීම් කරනවා. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ලෝක වසංගතයට මුහුණදෙමින් ජනතාව වෙනුවෙන් අදටත් උපරිමය ඉටුකරනවා. අපි මේ හැමදේම කරන්නේ කොවිඩ් පාලනයේ එන්නත්කරණය වේගවත් කරන ගමන්. රජයක් විදියට ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාවය දීලා තියෙනවා. රජයක් විදියට ඔබේ හා රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීරණ කිසිදු පැකිලීමකින් තොරව ගන්නා බවත් සිහිපත් කරනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08