පසුගිය දිනක ඇමරිකානු එක්සත් ජනපදයේ විභාග කල ජාලිය වික්‍රමසූරිය සම්බන්ධ නඩුවට අදාලව අනුර කුමාර දිසානායක විසින් මුල්ම ලිපි ගොනුව මගින් අණාවරනය කරනු ලැබුවා.
ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගෙන මුදල් වංචා කිරීමකට වැරදිකරු වී ඇති බවත් එය සම්බන්ධව ජාතික ජන බලවේගය විසින් නඩුවක් පව ගොනුකල බව ඔහු කියා සිටිනවා.
එසේම නඩුවෙන් ඇප ලබාගත් ජාලිය ඇතුළු පවුලේ සියලුදෙනා විදේශයකට පැන ගිය බවත් ජාලිය යනු මහින්ද රාජපක්ෂගේ ඥාතී සොයුරෙකු බවත් ඔහු අනාවරණය කලා.
මෙම මස අවසානයේ ඔහුගේ නඩුවේ අවසාන වාර්ථාව ලැබීමට නියමිත බවද ඔහු සදහන් කර සිටියා.
රජය විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් හැටදෙලක්ශ පනස්දහසකින් ඇ.ඩො තිස්තුන්ලක්ශ විසිදහසක් කොමිස් ලබා ගත් බව ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.එසේම එම චෝදනාව ඔහු අධිකරනයේ දී පිළිගෙන ද ඇති බව අනුර කුමාර මෙහිදී සඳහන් කර සිටියා.




