අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අද යළිත් අධිකරණයට

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අද (13) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා (11) දිනයේ දී සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ විට දී යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව නියෝග කළේ.

ඒ අනුව සැකකරුව බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කරන ලෙසටත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් සැකකරුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරමින් ජුනි මස 13 වන දින දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?