අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අද යළිත් අධිකරණයට

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අද (13) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා (11) දිනයේ දී සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ විට දී යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව නියෝග කළේ.

ඒ අනුව සැකකරුව බෝගම්බර බන්ධනාගාරය වෙත යොමු කරන ලෙසටත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව මෙම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් සැකකරුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරමින් ජුනි මස 13 වන දින දක්වා සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51