Empty Ad
AFC Banner
Empty Ad

අනියම් පෙමක් ගිනියම් වී හොර මිනිහා මැරුම් කයි

නිවසක පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් අනතුරුව බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කළ ද ඉන් පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (28) දහවල් කාලයේ දී මාදම්පේ – පැරණි නගරය ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදු ව ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 60 ක් වූ පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාලකාරියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදු කරන ලද විමර්ශනයේ දී, අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අපරාධයට අදාළ සැකකරු එදින රාත්‍රී කාලයේ මාදම්පේ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වූ පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?