අනවසර විදුලි රැහැනක් නිසා පියා අවසන් ගමන් යයි, පුතුට තුවාල

වැලිගම පොලිස් වසමේ කම්මල්ගොඩ ප්‍රදේශයේ පිය පුතු දෙපළකට විදුලි සැර වැදිමෙන් පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය පුතු සමඟ ගවයින් ගැටගැසීම සඳහා ගොස් සිටියදී අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 66ක් වූ පුද්ගලයෙක් වන අතර තුවාල ලැබූ 22 හැවිරිදි අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙලෙස අනවසර විදුලි රැහැන අදින ලද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?