අනපේක්ෂිත පුවත අසා සංවේදී වූ මොහොමඩ් නබීගෙන් දුනිත්ට පණිවුඩයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (19) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදීන් වූ ඇෆ්ගනිස්ථානය කඩුලු 06කින් පරාජය කරමින්.

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයේ සතුට සමරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඊයේ (19) රාත්‍රියේ අවස්ථාව හිමිවුයේ නැහැ.

ඒ, මෙම තරගය අතර තුර වාර්තා වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියාගේ අභාවය පිළිබඳව අවාසනාවන්ත පුවත හේතුවෙන්.

දුනිත් පියා ඊයේ තරගය නරඹමින් සිටිය දී හදිසියේ ඇති වූ හෘදයබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම තරගයේ ඇෆ්ගනිස්ථාන ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ අවස්ථාව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් දුනිත්ට ලබාදෙන අතර, එතෙක් හොඳින් පන්දු යවා සිටි දුනිත් එම පන්දුවාරයේ දී දැඩි ප්‍රහාරයකට ලක් වනවා.

එම පන්දුවාරයේ දී ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී විසින් ලකුණු 32ක් උදුරා ගනු ලබනවා.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු විසින් දුනිත් වෙල්ලාලගේට සිය පියාගේ අභාවය පිළිබඳව දැනුම්දෙන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මේ අතර තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටව යන්නට සූදානම් වූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබීට දුනිත්ගේ පියාගේ අභාවය පිළිබඳව ද කිසියම් අයෙකු විසින් දැනුම්දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වන ආකාරය දැකගත හැකියි.

එහිදී එම පුවත අසන මොහොමඩ් නබී එක්වරම විමතියට පත්වන ආකාරය එහි දැක්වෙනවා.

මේ අතර අදාළ පුවත පිළිබඳව සංවේදී වූ නබී විසින් සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් පළකර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට තම හෘදයාංගම ශෝකය පළ කරන බවයි.

එමෙන්ම සෑම විටම ශක්තිමත්ව සිටින ලෙසත් දුනිත්ට ඔහු එම එක්ස් සටහනේ දක්වා තිබෙනවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
10
+1
4
+1
3
+1
347
+1
15
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද දැන් මහමොළකරු ? හේමමාලා කුමරියගේ සම්බන්ධය මොකක්ද ?ගම්මන්පිල කිව්ව දේ
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16
Video thumbnail
විදුලි අර්බුදයෙන් රාජ්‍ය වෙසක් උත්සවයටත් ගැටලුවක් ඇතිවෙයිද ?ජෙනරේටර් පාවිච්චි කරන්න
04:22
Video thumbnail
රටවල් 39කට මාස 6ක් සඳහා නොමිලේ සංචාරක වීසා - රටවල් 39ය - නලින්ද කියයි
02:01
Video thumbnail
පාස්කු මහ මොළකරුව බලන්න මහින්ද, ගෝඨා, සජිත් හැමෝම එයි
08:38