අනතුරක් වෙනකම් බලන් ඉන්නා ඉපලෝගම බලධාරීන් – සිසු ජීවිත බිල්ලක (ඡායාරූප)

කැකිරාව අධ්‍යාපන කලාපයට හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අලුත් ගන්තිරියාගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 100කට අධික පිරිසකගේ හා එම දෙමව්පියන් ඇතුළු ගම්වාසීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරමින් එල්ල වී තිබෙන අනතුරක් සම්බන්ධයෙන් එම ගම්වැසියන් බලධාරීන්ට පෙන්වාදෙනවා.

අලුත් ගන්තිරියාගම විද්‍යාල භූමියේ ඇති දිරා යමින් පවතින විශාල ප්‍රමාණයේ මාර ගසක් පාසැල් සිසුන් ඇතුළු ගම්වැසියන්ගේ ජීවිත බිලි ගැනීමට මාන බලමින් සිටින බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කඩා වැටීමේ අවදානමකට ලක් ව ඇති මෙම මාර ගස මේ වනවිට ගම්මානයේ විදුලි පද්ධතියට හේත්තු වී ඇති අයුරු ද දැකිය හැකියි.

මින් පෙර අවස්ථාවක දී ද එම විදුලි පද්ධතිය කඩා වැටුණු බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් වැසි දිනවල දී මාර ගස හරහා විදුලිය ගමන් කිරීම ද සිදුවීමේ දැඩි අවදානමක් මතු ව ඇති අතර එම ගස පිහිටා ඇත්තේ ද පුද්ගලික නිවසක් ආසන්නයේ ම වීම ද අනතුරේ භයානක බව තවත් වැඩිකර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම නිවසේ සිටින දරුවන් නිරන්තරයෙන් මෙම ගස ආසන්නයේ ගැවසෙන බවත් එබැවින් වැසි දිනවල දී එම දරුවන්ගේ මෙන් ම නිවැසියන්ගේ ජීවිත ද බරපතළ අවදානමකට ලක්ව ඇති බවයි.

ඇතැම් අවස්ථාවල දී වැසි දිනවල දී ගසෙහි ගැටී ඇති එම විදුලි වයර් ගිනි ගන්නා බව ද වාර්තා වනවා.

එම ගස ආසන්නයේ අධිබලැති ට්‍රාන්ස්ෆෝමරයක් ඉදිකර ඇති අතර; අනතුරක් වීමට පෙර අදාළ වගකිව යුතු බලධාරීන් මේ පිළිබඳ ව අවධානය යොමු කර දිරාගිය මෙම ගස ඉවත් කිරීමට කටයුතු කර දෙන ලෙසත් ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Image 2024 06 20 at 12.01.53
WhatsApp Image 2024 06 20 at 12.01.56 2
WhatsApp Image 2024 06 20 at 12.01.56 1
WhatsApp Image 2024 06 20 at 12.01.56
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10