AFC Banner
AFC Banner
Empty Ad

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන කඩිනම් පරික්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ ව අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂණයක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය වි තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුවරයා සහ අධ්‍යාපන ලේකම් විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වන ලද අවස්ථාවේ දී යි.

ඒ අනුව මාර්තු මස පළමු වනදා වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?