අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන කඩිනම් පරික්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ රැස් වී සිටි ගුරුමාරු මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳ ව අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂණයක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය වි තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුවරයා සහ අධ්‍යාපන ලේකම් විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී සාකච්ඡාවක් පවත්වන ලද අවස්ථාවේ දී යි.

ඒ අනුව මාර්තු මස පළමු වනදා වනවිට අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය ද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06