අද (16) වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (16) දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් උතුරු මැද ,වයඹ ,පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මධ්‍යම ,සබරගමුව,ඌව,බස්නාහිර,සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?