AFC Banner
AFC Banner
Empty Ad

අද සුළි කුණාටුවක් (වීඩියෝ)

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් අද (27) දිනයේ දී දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට නිවේදනය කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ; මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සය වයඹ පළාත්වලටත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු , උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති වීමේ ඉඩකඩ පවතිනවා.

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?