දේශබන්දුව ධුරයෙන් ඉවත් කරන කමිටුවෙන් වැඩබලන පොලිස්පතිට විශේෂ ලිපියක්

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

අදාළ කමිටුව විසින් ලිපියක් මගින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේ දී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේදී මෙසේ දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන අය නම් කර ඇති අතර, අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව ලබන 28 වන දින (සඳුදා) නැවත රැස්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28
Video thumbnail
කාංචනා, සජිත ඇතුළු කලාකරුවන් රැසක් ප්‍රියංකරට සමුදෙන්න එයි - දිල්හානිගේ කඳුළු පිස දැමූ හිතවතිය
01:52
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55
Video thumbnail
වටේටම මත්ද්‍රව්‍ය බෙදුව කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:37
Video thumbnail
2029 ජනපති කියලා සිහින දකින්න පුළුවන්..සැබෑ කරන්න බෑ - හැමදාම ඔයාලා ඔය නින්දෙම ඉන්න
03:48
Video thumbnail
කන්ජිපානි ගැන පොලිස්පති කිව්ව දේ.."ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතුයි"
02:30
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47