දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දෙදෙනකුට නොතීසි

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25 වැනිදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

එහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයා ඇප ලබා පිටව යන අවස්ථාවේ දී ඇප කොන්දේසි කඩකළ බවත්, ඒ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලබන 25 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට අදහස් කර ඇති බැවින් හිටපු පොලිස්පතිවරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම හිටපු පොලිස්පතිවරයාට අධිකරණ භුමියෙන් පිටව යන අවස්ථාවේ දී ආරක්ෂාව දෙන්නැයි කළ ඉල්ලීම ද එදින අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුබිමක නීතිඥවරයෙකුගේ නොවන වාහනයකින් අධිකරණ භුමිය තුළට පැමිණ ඇත්තේ ⁣පොලිස්පතිවරයාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවකු ලෙස නම් කර වෙනත් නඩුවක් පවරා ඇති පුද්ගලයා සමග බවත් ඒ පැමිණි වාහනය ද රොෂාන් නමැත්තකුට අයත් එකක් බව ද අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කරන ලෙසයි.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ එම වාහනයේ රියදුරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ අතර එදින අධිකරණයේ ගේට්ටුව අසල රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස ද නියෝග කළා.

ඒ අනුව එදිනට අධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28