ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ලබන රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ලබන 30 වනදා දකවා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (25) මෙලෙස අවසරය ලබා දී ඇත්තේ.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා මෙම සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය කරුණු දක්වන නමුත් ඔහු එම අපරාධයට සම්බන්ධ නොමැති බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවල තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරයවීම බරපතල කාරණයක් බවත් ඒ තුළින් මෙහි සැබෑ සැකකරුවන් නීතියේ රැහැනින් බේරී යනු ඇතැයි ද නීතිඥවරයා සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මෙම මස 30 දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට එලෙස අවසර ලබාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23