Update – පොලිස් නිලධාරියෙක් හමුදා නිලධාරියෙකුට තගදාන සිද්ධිය ගැන විමර්ශනයක්

පොලිස් නිලධාරියෙකු විසින් හමුදා නිලධාරියෙකුට බැන වදින කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යවල සංසරණය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නියෝග කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ, අනුව මෙම සිද්ධිය පිළිබඳව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

විමර්ශනවල දී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මේ අතර සිරි දළඳා වන්දනාව අතර තුර, මහනුවර දී සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවල දී මේ වනවිට අනාවරණය වී ඇත්තේ, අදාළ හමුදා නිලධාරියා ඔහුව හඳුනන පිරිසක් බැතිමතුන් රැඳී සිටි පෝලිමට එක් කිරීමට උත්සාහ කර ඇති බවයි.

එලෙස සිදු නොකරන ලෙසට පොලිස් නිලධාරියා විසින් අවස්ථා කිහිපයක දී හමුදා නිලධාරියාට පවසා ඇති අතර, ඒ බව නොතැකූ හමුදා නිලධාරියා එම ක්‍රියාව සිදුකිරීම හේතුවෙන් මෙලෙස පොලිස් නිලධාරියා විසින් ඔහුට බැනවැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

  1. කිසිම විනයක් නැති නූගත් විදියට හැසුරන පොලිස් නිලධාරියෙක් සාමාන්‍ය මිනිස්සුන්ට ඔවුන් කොහොම සලකනවා ඇත්ද….. පඩියට වැඩ කරන මිනිස්සු එච්චර හිතට ගන්න දෙයක් නැහැ. තමන් හරි වැරැද්ද පැහැදිලි කර දීමයි එතන වැදගත් මිනිස්සු ගොඩක් ඉදිරියේ. ඔහුත් ආරක්ෂක නිලධාරියෙක්

  2. එහෙම එකතු වෙචිච සෙනග සමග ගත්ත වීඩීයෝ ඇතිනේ. ඒවා පෙන්නන්න පුලුවන්නේ. අනිත් කාරනාව එහෙම දැමිම නමි ඒ නිල ඇදුමටත් ගෞරවය දීලා වරද පෙන්නන්න තිබුනා නීතිය හා සාමය රකින පොලිසියේ නිලධාරියාට උගත්කමක් තිබුණානම්. නිල ඇදුමක් අදින තවත් නිලධාරියෙක් මෙහෙම ගොන් පාට් දෙනවානම් මේ පිස්සෙක් වගේ හැසුරූනු කෙනා වැඩ කරන බල පුදේශයේ සාමාන්‍ය ජනතාවට කොහොම ආමන්ත්‍රණය කරනවා ඇද්ද.අනෙක ඒ පෝලිමේ අවසානය ඉන්නේ යුදහමුදා නිලධාරියා
    අමුතුවෙන් පෝලිමට දාන්න උදව්වක් අවශ්‍ය බවක් පෙනෙනේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29