කෝටි 03ක ජංගම දුරකථන ගුවන් තොටුපොළේ දමා ගිහින්

රුපියල් කෝටි 03ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228ක් කටුනායක ගුවන් තොටුපොළේ
තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබිය දී තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (25) අලුයම සොයාගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් පැවසුවේ මෙම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක ගමන් මළු දෙකක අසුරා තිබිය දී හමු වූ බවයි.

අද (25) අලුයම 05.30ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් පැමිණි මගියෙක් විසින්
මෙම ජංගම දුරකථන තොගය රැගෙන එන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

මෙම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගය ගුවන් තොටුපොළෙන් පිටකර ගැනීමට අපහසු බව වැටහීමත් සමඟ ඒවා මෙලෙස ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා යන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

රේගු නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කරමින් මෙම මෙම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගය රැගෙන පැමිණි ගුවන් මගියා සොයාගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57