ඩෑන්ව ඝාතනයට ඔත්තුව දී ඇත්තේ ඥාතියෙක් ?

සමාජ ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් යන අය ඝාතනයට සැලසුම්කළ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

මීතොටමුල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 22 වනදා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ දී සිදුකළ වෙැඩිතැබීමකින් ඩෑන් ප්‍රියසාද් ඝාතනය වූ අතර, මේ සම්බන්ධයෙන් විමර්ශන බස්නාහිර පළත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සිදුකරනු ලබනවා.

ඒ, අනුව වැල්ලම්පිටිය මීතොටමුල්ල ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝව අසල දී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ඊය (24) අත්ඩංගුවට ගෙන තිබුණා.

පසුව අනාවරණය කරගත් තොරතුරු අනුව එම සැකකරු ඩෑන් ප්‍රියාසාද්ගේ ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ ප්‍රධාන සැකකරුවෙකු ලෙසයි හදුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු 28 හැවිරිදි සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් ආධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර ඩෑන් ප්‍රියසාද් ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයට පැමිණි බවට තොරතුරු ලබාදුන් තවත් ඥාතියෙක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔහු ඩෑන් ප්‍රියසාද්ගේ නැගණියකගේ සැමියාගේ පාර්ශ්වයේ අයෙක් බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46