පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්තයින් දෙදෙනෙකුගේ නිවාසවල පිපිරීමක්

පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් හි සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති ත්‍රස්තයින් දෙදෙනෙකුගේ නිවාස පිපිරීමකින් විනාශ වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (24) රාත්‍රියේ මෙම පිපිරීම් සිදුව ඇති බවයි.

ප්‍රහාරය පිටුපස සිටින ලෂ්කාර්-ඊ-තායිබා (එල්ඊටී) ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වන ආදිල් හුසේන් තෝකර් සහ අසිෆ් ෂෙයික් යන අයගේ නිවාස මෙලෙස පුපුරා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පහල්ගම් ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තෝකර් නැමැති ත්‍රස්තයාගේ සහ තවත් ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ රූප සටහන් ඊයේ දිනයේ ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා.

ආදිල් හුසේන් තෝකර් සමඟ ඡායාරූප මඟින් ප්‍රසිද්ධියට පත්කළ අනෙක් ත්‍රස්තයින් දෙදෙනා පාකිස්ථාන ජාතිකයන් බව අනාවරණය වුණා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන තොරතුරු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ බවත් පොලිසිය පැවසුවා.

‘කුඩා ස්විට්සර්ලන්තය’ ලෙස හඳුන්වන පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ මෙම ප්‍රහාරයෙන් ඉන්දියානු ජාතිකයින් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊට අමතරව තවත් 17 එනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය මෑත වසරවලදී කලාපයේ සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරවලින් එකක් බවයි සැලකෙන්නේ.

මෙම ප්‍රහාරය මේ වනවිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46