පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නැංවීමට පොලිස් සේවා ගන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වැඩි වශයෙන් කතාබහට ලක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දුවා දරුවන් ඇගයීමේ අතිදැවැන්ත උත්සවයක් පැවැත්වූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරියකගේ එම උත්සවය සම්බන්ධයෙන් පොලිස් ආරක්ෂාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (19) දහවල් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කිසියම් අයෙකුට හෝ ආයතනයකට වාණිජ අරමුණක් මත මුදල් ගෙවා අදාළ ක්‍රියාපටිපාටිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පොලිස් නිලරථ සහ සේවා ලබාගත හැකි බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පොදු කටයුතු සඳහා යම් මුදල් ගෙවීමක් මත පොලිස් වාහන, පොලිස් නිලධාරින් ලබාදීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

එම පොදු කටයුතු ලෙස කිසියම් අයෙකුට සිනමා නිර්මාණයක් සඳහා පොලිස් නිල රථ හෝ නිලධාරීන් ලබා ගැනීමට අවශ්‍ය වේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බව බුද්ධික මනතුංග මහතා පවසනවා.

සංගීත සංදර්ශනයක් හෝ උත්සවයක් හෝ එවැනි ක්‍රියාවලියක් සඳහා ද සම්පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව මුදල් ගෙවීමකින් ශ්‍රී ලංකා පොලිසියට අයත් රථ වාහන ලබාගැනීමේ ක්‍රමවේදයක් පවතිනු ඇති.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් ඇගයීමේ උත්සවයක් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සලසා දෙන ලෙස එම ගුරුවරිය සිය ඉල්ලීම් ලිපිය මගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බවත් ඊට දරුවන් 8000ක් සහ දෙමාපියන් 35000ක් පමණ සහභාගී වන බව ද අදාළ ඉල්ලීම් ලිපියේ දක්වා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

නමුත් මෙම සිදුවීමෙන් පෙනී යන්නේ අදාළ ගුරුවරිය තම පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා පොලිස් සේවා යොදා ගෙන ඇති බවත් එසේ සිදු කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එබැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිටත් (අප්‍රේල් මස 19) අරඹා ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ.

මේ අතර අද දින දසත සමගි අවුරුදු උදානය සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහජනතාව එක් ව පොදු කටයුත්තක් වෙනුවෙන් යහපත් අරමුණකින් සිදු කරන ක්‍රියාදාමයකට ආරක්ෂාව ඉල්ලා සිටින්නේ ද ඊට ආරක්ෂාව සපයනවා මිසෙක තනි පුද්ගලයෙකු වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු නොකරන බවයි.

අදාළ ඇගයීම් උත්සවයට පොලිස් ආරක්ෂාව ඉල්ලා යොමු කළ ලිපිය පහතින්;

  1. ලියුමක වචනයක් තේරැමි ගන්න බැරිව නීතිපති උපදෙස් ඉල්ලන පොරවල් පොදු කටයුතු කියන එක මරැවට අර්ථ දක්වලා වගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09