අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

වයඹ පළාතේත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52