අවශ්‍යව සිටින සැකකරුවෙක් අද (01) උදෑසන කාලයේ බලන්ගොඩ බස් නැවතුම්පලේ සිටින බවට බලන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව, බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සමග තව පොලිස් නිලධාරියෙක් සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා බස්නැවතුම්පොළ වෙත ගොස් තිබෙනවා.
අදාළ වැටලීම වන අවස්ථාවේ දී සැකකරැ විසින් පළායාමට උත්සහ දරා ඇති අතර සැකකරු පසුපස ගිය පොලිස් ස්ථානාධිපතිවරයා අසළ තිබූ දර ගොඩක පැටලි බිම ඇද වැටී තිබෙනවා.
එම අවස්ථාවේ දී ඔහුගේ අතෙහි තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවිය පත්තූ වී ඔහුගේ බඩ පුදේශයට වෙඩි වැදී තිබෙනවා.
ඒ අනුව තුවාල ලැබූ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා බලංගොඩ රොහලට ඇතුළත් කිරිමෙන් පසු රත්නපුර රෝහලට මාරැකර යවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













