AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ත්‍රිකුණාමලයේ විරෝධතාවක

ත්‍රිකුණාමලයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් අද (30) විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඊට නැගෙනහිර පළාතේ පදිංචි අතුරුදන්වූවන්ගේ ඥාතීන් එක් ව සිටි අතර යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම අවධාරණය කරමින් ඔවුන් විරෝධතාවට එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ මෙම විරෝධතාව පැවැත්වුණා.

OMP යනු ප්‍රෝඩාවක්, අතුරුදහන් වූවන්ට යුක්තිය නැත, අපි ජාත්‍යන්තර යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමු, යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් කරන විට ‘OMP’, ‘Flyers’ සහ ‘Crowing voices’ වැනි සටන් පාඨ කියමින් මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වුණා.

කෙසේවෙතත් මෙම තත්ත්වය පාලනයට එම ස්ථානයට ගිය පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ගුටි බැට හුවමාරුවක් ද සිදු වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?