අතුරුදන්වූවන්ගේ ඥාතීන් ත්‍රිකුණාමලයේ විරෝධතාවක

ත්‍රිකුණාමලයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් අද (30) විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඊට නැගෙනහිර පළාතේ පදිංචි අතුරුදන්වූවන්ගේ ඥාතීන් එක් ව සිටි අතර යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම අවධාරණය කරමින් ඔවුන් විරෝධතාවට එක් ව සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරයේ මෙම විරෝධතාව පැවැත්වුණා.

OMP යනු ප්‍රෝඩාවක්, අතුරුදහන් වූවන්ට යුක්තිය නැත, අපි ජාත්‍යන්තර යුක්තිය සහ වගවීම ඉල්ලා සිටිමු, යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක් කරන විට ‘OMP’, ‘Flyers’ සහ ‘Crowing voices’ වැනි සටන් පාඨ කියමින් මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වුණා.

කෙසේවෙතත් මෙම තත්ත්වය පාලනයට එම ස්ථානයට ගිය පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ගුටි බැට හුවමාරුවක් ද සිදු වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38