අත්හැර දමා ගිය කෝටි එකොළහක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

රුපියල් එකොළොස් කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කොළඹ වරාය තුළ පිහිටි රාජසන්තක කරන ලද සහ අත්හැර දමා ඇති ගුදම් ගබඩාව තුළ තිබී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගමන් මල්ල මෙම වසරේ ඉකුත් මාර්තු මස (17) දින උදෑසන 09.45 ට ශ්‍රී ලංකා ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙක් විසින් රැගෙන විත්, ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්හැර දමා පළා ගොස් තිබූ එකක් බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ගමන් මල්ල ගුවන් තොටුපොළ අත්හැර දමා ඇති ගමන් මලු ගබඩාවේ තබා, ඉන්පසුව කොළඹ වරාය තුළ පිහිටි රාජසන්තක කරන ලද සහ අත්හැර දමා ඇති ගුදම වෙත මාරු කර යවා තිබෙනවා.

මාස 09 ක කාලයක් මෙම ගමන් මල්ල භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා , එය විවෘතකර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගැනීමත් සමග  එහි පොලිතීන් ඇසුරුම් තුළ සගවා සකස් කර තිබූ මෙම කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක් බරැති ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍ය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?