අතරවර චෝදනා එල්ලවූ ඉංග්‍රීසි ගුරුවරයාට ඇප (වීඩියෝ)

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයා රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර තිබෙනවා.

මාවතගම අඹකොටේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන ගුරුවරයෙකුයි මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ.

තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කළා.

මේ අතර සැකකාර ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසටයි ආණ්ඩුකාරවරයා වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයාට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට උපදෙස් දී ඇත්තේ.

සැකකරු තම විෂය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය ස්පර්ශ කරමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.

දිනපතා සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් සිසුවියන් නිවසේදී තම දෙමාපියන්ට දැන්වීමෙන් පසුවයි ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත්තේ.

අතවරයකට ලක්ව සිටින සිසුවියන්ගේ දෙමාපියන් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට ද පැමිණිලි කර තිබුණා.

එහෙත් ඔහු එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමාපියන් පිරිසකට එරෙහිව ද පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?