AFC Banner
AFC Banner
Empty Ad

අඩු මිලට අරක්කු නිෂ්පාදනය රජයේ අරමුණයි – කර්මාන්ත අමාත්‍ය (වීඩියෝ)

අඩු මිලට රජයෙන් අරක්කු බෝතලයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෙවණගල ලංකා සීනි සමාගමේ සේවකයින් සහ උක් ගොවීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් මෙම උක් ගොවීන් සහ සේවකයින් සමග පැවති සාකච්ඡාව ආවරණය නොකරන ලෙසටයි කර්මාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

පසුගිය රාජ්‍ය පාලනයේ දී බාල වර්ගයේ බඩ ඉරිඟු ගෙන ප්‍රමිතියෙන් තොර අහිතකර අරක්කු නිෂ්පාදනය කර ඇති බවත් මේ හේතුවෙන් සීනි නිපදවීමේ දී ලැබෙන අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව පවතින බව ද කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

බාල වර්ගයේ බඩ ඉරිඟුවලින් එතනෝල් ලීටරයක් නිෂ්පාදනයට වැයවන්නේ රුපියල් 03ක වැනි වියදමක් බවත් අරක්කු බෝතලයක් ජනතාවට ලබාදෙන්නේ රුපියල් 3800ක මිලකට බවත් අමාත්‍යවරයා චෝදනා කරනවා.

මේවා පානය කරන පාරිභෝගිකයින් මෙය නොදන්නා බවත් බඩ ඉරිඟුවලින් එතනෝල් නිපදවීම දැඩි ගැටලුවක් බවත් හෙතෙම අවධාරණය කරනවා.

ඒ නිසා රජයක් ලෙස නිසි ප්‍රමිතියකින් යුතුව එතනෝල්වලින් අරක්කු නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙම ක්‍රියාවලිය අරක්කු ප්‍රවර්ධනයකට උත්සහා ගැනීමක් නොවන අතර නීතිවිරෝධී මත්පැන් භාවිත කිරීමට යොමු වූ අය ඉන් මුදා ගැනීම මෙහි අරමුණ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
4
+1
25
+1
4
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?