අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව ඔක්තෝම්බර් 10

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1යි දශම 8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කළා.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරයට අදාල නඩු භාණ්ඩ ලේඛන අද දින විත්තියට භාර දෙන බවයි.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විත්තිය විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සම් තුනක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා සැප්තැම්බර් මස 19 වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බවත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙන්ම විත්තියේ නීතිඥවරයාද සඳහන් කළා.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණ පෙත්සම් කැඳවන දිනයෙන් ඔබ්බට යෙදෙන දිනයක මෙම නඩුව කැඳවීම සුදුසු බවයි.

තමන් සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමක් නොකරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 10 වනදා කැඳවීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?