අග්බෝට සම්පූර්ණයෙන් සුව වෙන්න තවත් මාස 3ක්

අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය සම්පූර්ණයෙන්ම සුව වීමට මාස තුනකට වැඩි කාලයක් ගතවන බව පශුවෛද්‍යවරු පවසනවා.

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරි වම් පාදයට දැඩි හානි සිදුව මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට අද දිනයේ දී ද Scanහා X – ray පරීක්ෂණවලින් පසු ප්‍රතිකාර සිදු කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ අනුරාධපුර වනජීවී කලාප භාර පශුවෛද්‍ය චන්දන ජයසිංහ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක්වී තිබෙනවා.

මේ වන මෙම හස්තියා තිරප්පනය – වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතා නිද්‍රාවට පත් කර පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුවයි තුවාල විෂබීජහරණය කර ප්‍රතිකාර සිදු කර ඇත්තේ.

අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින අතර සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවයි.

අද දිනයේ Scan හා X – ray පරීක්ෂණවලට අමතරව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඇතාගෙන් රුධිර සාම්පල ලබා ගත් බව ද පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?