අගමැතිනි හරිනිට මරණ තර්ජන – විමර්ශනවලට සහාය ජාත්‍යන්තර පොලිසියෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මියට නාඳුනන විද්‍යුත් තැපැල් ලිපිනයකින් මරණ තර්ජන එල්ල වී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරනවා.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, මෙම මරණ තර්ජනය ඇතුළත් විද්‍යුත් තැපැල් පණිවිඩය පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්‍යායලයට මැයි මස 15 වැනි දින බවයි.

මේ පිළිබඳ ව අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ අතිරේක ලේකම් ඒ.බී. එම්. අශ්‍රෆ් මහතා විසින් පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට ගූගල් ආයතනයෙන් අදාළ මරණ තර්ජනය ආ විද්‍යුත් තැපැල් ගිණුම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉල්ලීමෙන් පසු එය ලැබුණු බවත්, එහි IP ලිපිනයන් නෙදර්ලන්තයට හා ජර්මනියට අයත් බවත්, ජාත්‍යන්තර පොලිස් ඒකකය මගින් ඒ ගැන තොරතුරු ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
2
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?