අගමැතිනි හරිනිට මරණ තර්ජන – විමර්ශනවලට සහාය ජාත්‍යන්තර පොලිසියෙන් (වීඩියෝ)

අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මියට නාඳුනන විද්‍යුත් තැපැල් ලිපිනයකින් මරණ තර්ජන එල්ල වී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරනවා.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, මෙම මරණ තර්ජනය ඇතුළත් විද්‍යුත් තැපැල් පණිවිඩය පැමිණ ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්‍යායලයට මැයි මස 15 වැනි දින බවයි.

මේ පිළිබඳ ව අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ අතිරේක ලේකම් ඒ.බී. එම්. අශ්‍රෆ් මහතා විසින් පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට ගූගල් ආයතනයෙන් අදාළ මරණ තර්ජනය ආ විද්‍යුත් තැපැල් ගිණුම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉල්ලීමෙන් පසු එය ලැබුණු බවත්, එහි IP ලිපිනයන් නෙදර්ලන්තයට හා ජර්මනියට අයත් බවත්, ජාත්‍යන්තර පොලිස් ඒකකය මගින් ඒ ගැන තොරතුරු ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16