අකුරණ වෙළඳසැලක විශාල ගින්නක්

මහනුවර – යාපනය අකුරණ, 07 කණුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (08) අලුයම ගින්නක් හ්හටගෙන තිබෙනවා.

ගෘහ භාණ්ඩ අලෙවිසැලක මම ගින්න හටගෙන තිබූ බවයි දසත නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්නෙන් ගෘහ භාණ්ඩ අලෙවිසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, අලවතුගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !