අකාලයේ අවසන් ගමන් ගිය ජනප්‍රිය මාධ්‍යවේදිනිය

යුක්‍රේනයේ, කියෙව් අගනුවරට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදිනියක මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔක්සානා බෞලිනා නමැති අදාළ මාධ්‍යවෙදිනිය විමර්ශනාත්මක පුවත් සපයන වෙබ් අඩවියක් වන, The Insider වෙබ් අඩවිය සඳහා යුක්‍රේනයේ කියෙව් නගරයේ සහ ලිවිව් නගරයේ වාර්තාකරණ කටයුතුවල නිරතව සිට ඇති බව ය.

යුද්ධ ප්‍රහාර හේතුවෙන් කියෙව් නුවර පොඩිල් දිස්ත්‍රික්කයේ සිදුවූ හානිය රූගත කරමින් සිටියදී ඇය මිය ගොස් ඇත.

ඇය මීට පෙර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දූෂණ විරෝධී පදනමේ සේවය කළ අතර ඇය රුසියාව හැර ගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය වසරේදී එම පදනම නීති විරෝධී බවට පත් කර, බලධාරීන් විසින් අන්තවාදී ලෙස නම් කරන ලද අතර ඒ හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයට බොහෝ දෙනෙකුට විදේශගත වීමට සිදු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන බව ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?