අකාලයේ අවසන් ගමන් ගිය ජනප්‍රිය මාධ්‍යවේදිනිය

යුක්‍රේනයේ, කියෙව් අගනුවරට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදිනියක මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔක්සානා බෞලිනා නමැති අදාළ මාධ්‍යවෙදිනිය විමර්ශනාත්මක පුවත් සපයන වෙබ් අඩවියක් වන, The Insider වෙබ් අඩවිය සඳහා යුක්‍රේනයේ කියෙව් නගරයේ සහ ලිවිව් නගරයේ වාර්තාකරණ කටයුතුවල නිරතව සිට ඇති බව ය.

යුද්ධ ප්‍රහාර හේතුවෙන් කියෙව් නුවර පොඩිල් දිස්ත්‍රික්කයේ සිදුවූ හානිය රූගත කරමින් සිටියදී ඇය මිය ගොස් ඇත.

ඇය මීට පෙර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දූෂණ විරෝධී පදනමේ සේවය කළ අතර ඇය රුසියාව හැර ගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පසුගිය වසරේදී එම පදනම නීති විරෝධී බවට පත් කර, බලධාරීන් විසින් අන්තවාදී ලෙස නම් කරන ලද අතර ඒ හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයට බොහෝ දෙනෙකුට විදේශගත වීමට සිදු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01