ෆේස්බුක් හරහා මේ වැඩ කරන අයට වැඩ වරඳී ඔයත් මේ දේවල් කරනවද?

ව්‍යාජ ගිණුම් භාවිත කරගනිමින් ව්‍යාජ පුවත් ජනගත කිරීම සමාජ මාධ්‍ය ජාල මුහුණදෙන ප්‍රබල ගැටලුවකි.

ඊට පිළියම් ලෙස එම සමාගම් විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් සිටී.

ඒ අනුව ෆේස්බුක් හි හිමිකාරීත්වය දරන “මෙටා ෆ්ලට්ෆොර්ම්ස්” විසින් චීනයේ සිට ක්‍රියාත්මක වූ බවට හඳුනාගත් ව්‍යාජ ගිණුම් 500ක් පමණ අක්‍රිය කිරීමට කටයුතු කර තිබේ.

එම ව්‍යාජ ගිණුම් යොදාගෙන කොවිඩ් ආරම්භය ගැන කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පතුරුවා හැර ඇති බව හඳුනාගෙන ඇත.

ස්විස් ජාතික ජීව විද්‍යාඥයෙක් ලෙස හඳුන්වා තිබූ විල්සන් එඩ්වර්ඩ්ස් නමැති ව්‍යාජ පුද්ගල නාමයක් යොදාගෙන එම ගිණුම් සකසා තිබූ බව වාර්තා විය.

එම ව්‍යාජ ගිණුම්වල සඳහන් කරුණු චීන මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කර ඇති බවටද වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්