‘ෆෙන්ගල්’ පිළිගන්න තමිල්නාඩුව සීරුවෙන් – දැනටමත් අධික වර්ෂාපතනයක්

ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ චෙන්නායි, තිරුවල්ලූර්, කන්චීපුරම්, කල්කුරිච්චි, කූඩලෝර් දිස්ත්‍රික්ක සහ පුදුචේරි යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පතිතවන බව එරට කාලගුණ අංශ පවසනවා.

මේ අතර මෙම සුළි කුණාටුව අද (30) සවස්වන විට තමිල්නාඩු – පුදුවේරි වෙරළට ළඟා වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළ රාත්‍රී 7.00 දක්වා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව චෙන්නායි ගුවන් තොටුපළට පැමිණීමේ සහ පිටවීමේ සියලුම ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතා දමා තිබෙනවා.

කාලගුණය යහපත් වූ පසු එම ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කරන බවයි ඉන්දීය ගුවන් සමාගම් ගුවන් මගීන්ට දැනුම් දී ඇත්තේ.

ඊට අමතරව දේශීය දුම්රිය ගමන් වාර ගණන ද අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව චන්ද්‍රිකා නිරීක්ෂණ සමඟින් චෙන්නායි සහ ශ්‍රීහරිකොට් හි ඩොප්ලර් කාලගුණ රේඩාර් භාවිත කරමින් සුළි කුණාටුව සමීපව නිරීක්ෂණය කරමින් පවතින බව එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

මේ අතර තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පවසා ඇත්තේ ඉදිරි දින දෙක තුන තුළ අඛණ්ඩ වර්ෂාව පවතින බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමිල්නාඩු රජය නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරමින් ආරක්‍ෂක පියවර ගනිමින් සිටින බව ද ඔහු පවසා තිබෙනවා.

මේ අතර විපතට පත්වන පුද්ගලයින්ට සහන සැලසීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, ජනතාවට නවාතැන් ගැනීමට සහන කඳවුරු ද පිහිටුවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40