ඩුබායි සුද්දා අධිරණයේ දී වරද පිළිගනී

සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට වරද පිළිගෙන තිබෙනවා.

ඒ අදාළ නඩුව ජූනි 16වනදා කැදවූ අවස්ථාවේදීයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 7ක් ලබාගෙන පොරොන්දු වූ පරිදි අදාළ රැකියා ලබානොදීම හා විදේශ රැකියා ලබාදීම සඳහා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැති වීම ඔහුට ඇති චෝදනා වනවා.

ඒ අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 7ක මුදලක් අධිකරණයේ තැන්පත් කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා.

මෙම නඩුව අගෝස්තු 25 වනදා නැවත කැදවීමට නියමිතයි.

ඩුබායි සුද්දාට විරුද්ධව මේ හා සමාන නඩුවක් වැලිසර අධිකරණයේදී ජූනි 26 දින ද කැඳවීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොහු විසින් සිදුකරන ලද මෙවන් විදේශ රැකියා සම්බන්ධ වංචාවන් ඇත්නම් ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
13
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45