මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (24) දින දුන්ගල්පිටිය පොලිස් වසමේ පිටිපන ලෙල්ලම ආසන්නයේදී වැටලීමක් සිදුකර තීරු බදු නොගෙවා නිසි අනුමැතියකින් හා තත්ත්ව පරීක්ෂාවකින් තොරව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 483 ක් පමණ වටිනා ඖෂධ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඖෂධ තොගය හා ලොරි රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මෙම ඖෂධ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද යාත්‍රා 02 ක් සහ එම යාත්‍රා වල ස්කීපර්වරුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසනවා.
සැකකරුවන් අවුරුදු 31 ත් 49 ත් අතර වයස්වල පසුවන මීගමුව සහ මස්කෙළිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













