Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තපෙලෝ මාසෙකෝගේ ගෝලයෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක්

ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ ‘A’ කාණ්ඩයේ දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් තියුණු ජයක් අත්කර දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ ගෝල 1-0ක් ලෙස දකුණු කොරියාව පරාජයට පත් කරමින්.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකියාවක් නොලැබුණු අතර දෙවන අර්ධයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක තපෙලෝ මාසෙකෝ (Thapelo Maseko) දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජයග්‍රාහී ගොඅලය වාර්තා කිරීමට සමත් වුණා.