තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් මාට්ටු වූ සැකකරුවන් තිදෙනාගේ වතගොත එළියට

පසුගිය 17 වන දින සවස තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගන්නා ලැබුවා.

මරණකාරිය වයස අවුරුදු 33 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, මෙම කාන්තාව පසුගිය 03 වන දින සිට පසුගිය 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටත් අනාවරණය වූ අතර නුවරඑළිය පොලිස් ස්ථානය මඟින් මළ සිරුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

මෙම මෘත දේහය සම්බන්ධයෙන් තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඊයේ (24) දින, මෙම මරණය ගෙළ සිර කිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදී ඇති බවයි පූලිසිය පවසන්නේ.

මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සම්බන්ධ තොරතුරු විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබූ අතර සැකකරු පදිංචිවී සිටි ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් හට ලද තොරතුරකට අනුව එම සැකකරු හා ඔහුට සැඟව සිටීමට ආධාර අනුබලදීම හා තොරතුරු වසන්කිරීම සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළා.

සැකකරු වයස අවුරුදු 43 ක් හා සැකකාරිය වයස අවුරුදු 35 ක් වන කොස්ගොල්ල, හොරොම්බාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් හට සැඟව සිටීමට ආධාර අනුබල දුන් වයස අවුරුදු 49 ක් වන දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් මහනුවර, දිගන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56