spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරොව්පතාන ඩිපෝවේ වර්ජනයක්

හොරොව්පතාන ඩිපෝවට අයත් සියලුම බස් රථ මේ වනවිට ධාවනයෙන් ඉවත්ව එහි සියලුම සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම ඩිපෝවේ සේවකයින් දෙදෙනෙකුට ඊයේ (29) එල්ල වූ මැර ප්‍රහාරයකට විරෝධය පළකරමින් අද (30) පෙරවරුවේ සිට මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි ඩිපෝ කළමණාකාරීත්වය පැවසුවේ.

මහනුවර සිට ගෝමරන්කඩවල දක්වා ධාවනය වූ බස් පෞද්ගලික බස් රථයක් තුළ දී ඊයේ රාත්‍රියේ අදාළ ලංගම සේවකයින් දෙදෙනාට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම ලංගම සේවකයින් දෙදෙනා හොරොව්පතාන රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අලුතින් ධාවනය එක්කර තිබූ අදාළ පෞද්ගලික බස් රථයේ පිරිසක් සහ ලංගම ඩිපෝවේ සේවකයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති අතර, අනතුරුව එම බස්රථය තුවාලකරුවන් දෙදෙනා ද සමඟ හොරොව්පතාන පොලිසිය වෙත ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර, පහරදීමට සම්බන්ධ සැකකරුවන් සියළු දෙනා පොලීසිය විසින් නිදහස් කර ඇති බවයි ඩිපෝ සේවකයින් චෝදනා කරන්නේ.

හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුවන්ව එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙලෙස ඩිපෝ සේවකයින් වර්ජනය අරඹා තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අද (30) පස්වරුව වනවිට නීතිය ක්‍රියාත්මක නොකළහොත් හෙට (01) උදෑසන සිට අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කව පිහිටි ලංගම ඩිපෝ 07ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?