හොරොව්පතාන ඩිපෝවේ වර්ජනයක්

හොරොව්පතාන ඩිපෝවට අයත් සියලුම බස් රථ මේ වනවිට ධාවනයෙන් ඉවත්ව එහි සියලුම සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම ඩිපෝවේ සේවකයින් දෙදෙනෙකුට ඊයේ (29) එල්ල වූ මැර ප්‍රහාරයකට විරෝධය පළකරමින් අද (30) පෙරවරුවේ සිට මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි ඩිපෝ කළමණාකාරීත්වය පැවසුවේ.

මහනුවර සිට ගෝමරන්කඩවල දක්වා ධාවනය වූ බස් පෞද්ගලික බස් රථයක් තුළ දී ඊයේ රාත්‍රියේ අදාළ ලංගම සේවකයින් දෙදෙනාට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම ලංගම සේවකයින් දෙදෙනා හොරොව්පතාන රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අලුතින් ධාවනය එක්කර තිබූ අදාළ පෞද්ගලික බස් රථයේ පිරිසක් සහ ලංගම ඩිපෝවේ සේවකයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුකර ඇති අතර, අනතුරුව එම බස්රථය තුවාලකරුවන් දෙදෙනා ද සමඟ හොරොව්පතාන පොලිසිය වෙත ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර, පහරදීමට සම්බන්ධ සැකකරුවන් සියළු දෙනා පොලීසිය විසින් නිදහස් කර ඇති බවයි ඩිපෝ සේවකයින් චෝදනා කරන්නේ.

හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුවන්ව එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙලෙස ඩිපෝ සේවකයින් වර්ජනය අරඹා තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අද (30) පස්වරුව වනවිට නීතිය ක්‍රියාත්මක නොකළහොත් හෙට (01) උදෑසන සිට අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කව පිහිටි ලංගම ඩිපෝ 07ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04