කර්මාන්ත ප්‍රවර්ධනය කරමින් ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි – ජනපති

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යි.

ලොව බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ දේශීය කර්මාන්ත අපනයනය සඳහා යොමු කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනට පවතින විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදීමට ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බවද පෙන්වා දුන්නා.

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර රබර් සහ තේ කර්මාන්තය නගා සිටුවීමත්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමත් වෙනුවෙන් 2026- 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

නිෂ්පාදන ධාරිතාව සහ දත්තවල වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය පිළිබඳවද නිවැරදි අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවයද පැහැදිලි කළා.

නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සරල මෙන්ම කාර්යක්ෂම විය යුතු අතර, එහිදී කර්මාන්තරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය සියලු දත්ත රජය වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නා.

විශේෂයෙන් පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමේදී ඒවායේ ප්‍රතිඵල සහ අපනයන ආදායම අතර පවතින සබඳතාව විද්‍යාත්මකව බැලිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

දේශීය කර්මාන්තරුවන් දිරිගැන්වීමේදී ශුද්ධ ඩොලර් ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බවත්, අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයවන ඩොලර් ප්‍රමාණය සහ නිෂ්පාදන අපනයනයෙන් නැවත රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය නිවැරදිව කළමනාකරණ කළ යුතු බවත් අමුද්‍රව්‍ය ගෙන ඒම සඳහා විශාල වශයෙන් ඩොලර් එළියට යන නමුත්, අපනයන ආදායම ලෙස රටට ලැබෙන ශුද්ධ ලාභය ප්‍රමාණවත් නොවේ නම් එය ගැටලුවක් බවත් පෙන්වා දුන්නා.

රබර් ක්ෂේත්‍රය රටට විශාල වශයෙන් ඩොලර් ගෙන ආ හැකි මාර්ගයක් වුවද, දැනට මෙරට නිෂ්පාදනය වන්නේ අවශ්‍යතාවයෙන් 50%ක් පමණක් බවද මෙහිදී අනාවරණය වුණා.

අගය එකතු කිරීම් සමග රබර් කර්මාන්තය තුළින් අපනයන ආදායම 2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 03කින් පමණ ඉහළ නංවා ගැනීමේ විභවතාවක් පවතින බවද මෙහිදී සාකච්ඡා වුණා.

රබර් වගාව ව්‍යාප්ත කිරීමට පවතින ප්‍රධාන බාධාව වන්නේ භූමිය සීමිත වීම සහ ශ්‍රමික හිඟය බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභීන් මෙම වගාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

මෙරට ටයර් නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතියද, ටයර් ආනයනය හේතුවෙන් දේශීය කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳවද අවධානය යොමු වුණා.

එමෙන්ම, අමුද්‍රව්‍ය හිඟය සහ ඇතැම් නීතිමය බාධා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන්ගෙන් උපරිම දායකත්වය නොලැබීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු කෙරුණා.

කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි සාම්ප්‍රදායික ප්‍රදේශවලට අමතරව මොණරාගල සහ ඌව වෙල්ලස්ස වැන ප්‍රදේශවල රබර් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ හෙක්ටයාරයකට ලැබෙන ඵලදාව වැඩි කිරීම මගින් රබර් වගාකරුවන්ගේ ආදායම ඉහළ නැංවීමටත්, එමගින් ඔවුන් මෙම වගාවේ රඳවා ගැනීම පිළිබඳවත් සාකච්ඡා වුණා.

එමෙන්ම රබර් පර්යේෂණ ආයතන මගින් හඳුන්වා දෙන නව ක්‍රමවේද කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වේගවත්ව ක්‍රියාත්මක කිරීම, රබර් වගා බිම් පාම් ඔයිල් වගාවට හෝ වෙනත් කාර්යයන්ට යොදා ගැනීම වෙනුවට, විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ රබර් වගාව දිරිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

ඉරාන වෙළෙඳපොළ සහ මැදපෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් තේ අපනයන සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉහළ ගොස් ඇති බව මෙහිදී තේ අපනයනකරුවෝ පෙන්වා දුන්නා.

ලංකාවේ තේ සඳහා ඉරානය ඉතා වැදගත් වෙළෙඳපොළක් වන අතර, ඉරානය සමඟ පවතින “තේ වෙනුවට තෙල්” (Oil for Tea) බාටර් ගිවිසුම යටතේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට විදේශ අමාත්‍යාංශය මගින් මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

ලංකාවේ තේ නිෂ්පාදකයන්ගෙන් වැඩි පංගුවක් දරන කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායීතාව වර්ධනය කිරීමට පැළ සහ පොහොර සඳහා සහන ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරුණා.

අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන වැට් බදු ප්‍රතිලාභය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව පුහුණු පාඨමාලා පවත්වමින් අපනයනකරුවන් තවදුරටත් දැනුවත් කර ඔවුන්ගේ කටයුතු පහසුකර අදාළ බාධාවන් මගහරවා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

තම ක්ෂේත්‍රවල කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා සමග සෘජුව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පිළීබඳ මෙහිදී ස්තූතිය පළ කළ කර්මාන්තකරුවෝ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආනයන සහ අපනයන පාලක ජෙනරාල් උපමාලි ප්‍රේමතිලක, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ජේ.එම්.එස්.එස්. රත්නවර්ධන, කොමසාරිස් එස්.ඒ.පී.ඩී. දිසා බණ්ඩාර, රේගු අධ්‍යක්ෂ එස්.ඩී. අබේසේකර, රේගු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජී.ජී. සේනාරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ තේ අපනයනකරුන්ගේ සංගමයේ සභාපති හුසේෆා අක්බරලි ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ සහ ආයෝජකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56