“හොඳම භාවිතය 2022” සම්මානය පීපල්ස් ලීසිං සමාගමෙන් ජනපතිට

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සදහා පිරිනමන “හොඳම භාවිතය 2022” (Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති සම්මාන උළෙලේ දී මෙම සම්මානය පිරිනැමුණු අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ඉදිරිපත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිතර්නායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මසර්ලින් යන මහත්වරු විසිනුයි සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?