Fly high Get bonus Aviator Phone

හෙරොයින් කිලෝ 498ක් විනාශ කිරීමට රජය සැරසෙයි

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් විනාශ කිරීමට කටයුතු කරන බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ, අනුව අදාළ මත්ද්‍රව්‍ය තොගය අනිද්දා (28) දින පෙරවරු 10.00ට විනාශකර දමන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.

INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන ගොස් එහිදී මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය තොගය කොළඹ මහාධිකරණයෙන් පෙරවරු 7.00ට භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ආරක්ෂාවක් යටතේ පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

කොළඹ මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් භාර ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?