Fly high Get bonus Aviator Phone

හිටපු SDIG රවී සෙනෙවිරත්නගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අධිකරණය නීතිපතිට කල්දෙයි

ඇප ලබාදිය හැකි රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ව අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවී වෛද්‍යලංකාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එවිට වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකරුවන්ට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකරුවන්ට සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබාදෙමින් පෙත්සම යළි ලබන වසරේ මැයි මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටින්නේ කොළඹ – බම්බලපිටියේ මුහුදු බඩ මාර්ගයේදී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් පොලිසිය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

මෙම අනතුරේ දී කිසිදු ජීවිත අනතුරක් සිදුනො වූ බවත් රජයේ දේපළ වලට හානි වීම් සිදු නොවූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ඇප ලබා දිය හැකි වරදකට පොලිසිය විසින් තමන්ව සාධාරණ සහ අයුක්ති සහගත ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවද පෙත්සමින් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43
Video thumbnail
දුම්රිය ස්ථානාධිපතිවරු බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වර්ජනයක ?
01:14
Video thumbnail
චන්නගෙන් ආණ්ඩුවට සැර සද්දයක්
07:25
Video thumbnail
විජයග්‍රහණයෙන් 16 වසරකට පසු නන්දිකඩාල් රහස් හෙළිකරගත් ගමන | නන්දිකඩාල් - Diaries |
34:19
Video thumbnail
ගමේ ජන ජීවිතය ගොඩනැගීමට සුසන්තගෙන් සැලසුමක්
03:19
Video thumbnail
BREAKING NEWS - ආරක්ෂාව දැඩි කරයි - තුසිත හල්ඔලුව ජාතික රෝහලට
02:30
Video thumbnail
අනුරට, සජිත්ට,නාමල්ට කනේ ඇගිලි ගහගන්න වනවාසී රාහුල හිමි කියපු බණ
05:03
Video thumbnail
ගැටළු වලට විසඳුම් දෙද්දිත් වර්ජන කරන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන
12:23

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?