හිටපු SDIG රවී සෙනෙවිරත්නගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අධිකරණය නීතිපතිට කල්දෙයි

ඇප ලබාදිය හැකි රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ව අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවී වෛද්‍යලංකාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එවිට වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකරුවන්ට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකරුවන්ට සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබාදෙමින් පෙත්සම යළි ලබන වසරේ මැයි මස 14 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටින්නේ කොළඹ – බම්බලපිටියේ මුහුදු බඩ මාර්ගයේදී බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් පොලිසිය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

මෙම අනතුරේ දී කිසිදු ජීවිත අනතුරක් සිදුනො වූ බවත් රජයේ දේපළ වලට හානි වීම් සිදු නොවූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ඇප ලබා දිය හැකි වරදකට පොලිසිය විසින් තමන්ව සාධාරණ සහ අයුක්ති සහගත ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවද පෙත්සමින් චෝදනා කර තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48