යාපනය, පුංගුදුරිවු වෙරළ තීරයට අද (26) උදැසන මළ සිරුරක් වෙරළට ගොඩගසා තිබෙනවා.
කෙසේ වෙතත් එම සිරුර හඳුනාගත නොහැකි මට්ටමේ පැවති බවයි වාර්තා වන්නේ.
උදැසන කාලයේ වෙරළ තීරයට ගිය පුද්ගලයෙක් දැක ඇති අතරා පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මේ වන තෙක් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැහැ.
මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී සිදු කෙරෙනවා.













